Colombo Today Local News

‘විල්පත්තුව මුස්ලිම් උරුමයක් නොවේ‘ සාලිගේ ජාතිවාදී වියරුවට රංගේ බණ්ඩාරගෙන් ප්‍රහාරයක්

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වුයේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් බවට අසාද් සාලි කල ප්‍රකාශය ජාතික සමගියට අගතියක් සිදුවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අවධාරණය කරයි. විල්පත්තුව ආශ්‍රිත වනාන්තර රක්ෂිත වනාන්තර ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අසාද් සාලි ගේ ක්‍රියාකලාපයට එරෙහිව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය, නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ ….

අසාද් සාලි මැතකදි සිදුකල ප්‍රකාශය සම්බන්ධවයි

අසාද් සාලි මහතාගේ වර්ථමාන හැසීරීම පිළිබඳ බලවත් අවධානය යොමු විය යුතු බවනිපුණතා සංවර්ධන හා වෘත්තියපුහුණු රාජ්‍ය අමාත්‍ය, පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සීටී. විල්පත්තු මායිමට ආසන්න තවත් ප්‍රදේශ කිහිපයක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධීපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කිරීමේ ක්‍රියාවලියට විරෝධය පලකිරීමට අසාද් සාලි මහතාට කිසිදු අයිතියක් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධුරයට පත්වුයේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද වලින් බවද අසාද් සාලි මහතා ප්‍රකාශකර තිබින. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ අසාද් සාලි මහතාගේ මෙම ප්‍රකාශය මඟින් ජාතික සමගියට අගතියක් සිදුවන බවයි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිධුරයට පත්වුයේ ශ්‍රි ලාංකික ඡන්ද වලින් බවත් එයට වෙනත් කිසිදු අර්ථකථනයක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රි ලංකාවේ සියලු ජාතින් වඩාත් සමගියෙන් සහ සහජිවනයෙන් ජිවත් වන වට පිටාවක, එම සමාජ තත්වයට අගතියක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

විල්පත්තුවේ හෝ විල්පත්තු මායිමේ භුමි ප්‍රදේශ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නිදහස් කල යුතු බව පවසන්නේ කුමන පදනමකින්ද යන්න බරපතල ගැටළුවකි. එය හුදෙක්ම රටේ ජාතින් අතර ඇති මිත්‍රත්වය දෙපලුකරන ආකාරයේ ප්‍රකාශයක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මුස්ලීම් ජනතාව ශ්‍රි ලංකාවේ සැම ප්‍රදේශයකම විසිරි සිටින බවත් ඔවුන්ට ඕනැම ප්‍රදේශයක පදිංචි වීමට අවකාශය පවතින බවත් පෙන්වා දෙන පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටින්නේ මුස්ලිම් කලාපයක් ඇති කරමින් කිසියම් අභියෝගයක් එල්ල කිරීම අසාද් සාලි මහතාගේ අරමුණ වන්නේ ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවයි. මෙවැනි ප්‍රකාශ මඟින් මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල හා දෙමල ඇතුළු අනෙකුත් ජාතින්ද වෙන්වෙන් වශයෙන් සිතන්නට යොමු වන තත්වයක් ඇතිවන බවද අමාත්‍යවරයා පවසයි.

මුස්ලිම් ජනතාව විවිධ භූමි ප්‍රදේශයන්ගේ අයිතිය ඉල්ලන්නේ යැයි උපකල්පනය කලහොත් සිංහල බහුතරයද එවැනි අයිතියක් ගෙනහැර දැක්වීමට ඉඩකඩ පවතින බවද, එවැනි තත්වයක් නිර්මාණය කිරීම මඟින් රටතුල පවතින සමගිය දෙපලු කිරීම සිය අරමුණ වන්නේ දැයි පාලිත රංගේ බණ්ඩාර මහතා අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කර සිටියි.

අමාත්‍යවරයා පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ විල්පත්තුව හෝ ඕනැම ප්‍රදේශයක් ශ්‍රි ලංකික ජනතාවගේ උරුමයක් ලෙස සැලකිය යුතු බවයි. එහෙත් කිසියම් ප්‍රදේශයක් කිසියම් හෝ ජාතියක උරුමයක් ලෙස ගෙනහැර දැක්වීම ජාතිවාදි හා අන්තවාදි මුහුණුවරක පිළිඹිබුවක් වන්නේ යැයිද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම වත්මන් පාලනය යටතේ රටතුල ඇතිවෙමින් තිබෙන පරිවර්ථනයට කිසියම් හෝ බාධාවක් වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන ඕනැම අයෙකු ජාතිවාදින් ලෙස ඉතිහාසයට එක්වන බවද අමාත්‍යවරයාගේ අදහසයි.

සිංහල දෙමල මුස්ලිම් ඇතුළු සියලු ජාතින්ද සියලු ආගමිකයින්ද වඩාත් සමඟියෙන් සහ සහජිවනයෙන් යුතුව ජිවත් වන පුත්තලම වැනි දිස්ත්‍රික්කයක නායකයකු ලෙස මෙවැනි ඉල්ලීමක් සිදුකිරීමේ අයිතියක් තමන්ට ඇති බවත් අසාද් සාලි වැනි පුද්ගලයින් මේ බව නිසිපරිදි වටහා ගැනීම වැදගත් බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.

Related posts

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

colombotoday

ඥානසාර හිමි බරණැස ඉසිපතනාරාමයේ ධර්ම දේශනා කරති.

colombotoday