Colombo Today Local News

අවුල තව දුර යයි.. සයිටම් පවරා නොගත්තොත් රට පුරා වර්ජන රැල්ලක්

නෙවිල් ප්‍රනාන්දු රෝහල පමණක් නොව සයිටම් ආයතනයද පවරා ගැනීමට රජය කටයුතු නොකළහොත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භවීම නැවැත්විය නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ‍ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා සඳහන් කරයි.

සංගමයේ විධායක කමිටුව 12දා රැස්වන අතර එහිදී සංගමය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවැසීය. උසස් අධ්‍යාපන ඇමැතිවරයා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති නමුත් එම යෝජනාවලියෙන් තම සංගමයට පිළිගත හැක්කේ වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය ගැසට් කිරීමේ යෝජනාව පමණක් බවත් අනෙකුත් යෝජනා පිළිබඳව තම සංගමයට එකඟවිය නොහැකි බවද වෛද්‍ය හේරත් මහතා පැවැසීය.

සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට රජයේ රෝහල්වල පුහුණුව ලබා දීමට ඉඩ දිය නොහැකි බවත් උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ යෝජනාවන් අනුව හෝමාගම රෝහලද සයිටම් සිසුන්ට නේවාසික පුහුණුව ලබා දීම යෝජනා කර ඇතත් එය ලබා නොදෙන බවද හෙතෙම පැවැසීය. කෙසේ නමුත් සයිටම් ආයතනය ජනසතු කරන තෙක් වෛද්‍ය සංගමය ගෙන යන සටන ඉදිරියටත් ගෙන යන බවත් ඒ සඳහා වෘත්තීය සමිති සියයකට අධික පිරිසක්ද එක්වීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

Related posts

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න දෙන්න එපා. හේතුව මුලිනුපුටා දමා ඵලය දෙස බලන්න – ඥානසාර හිමි

colombotoday

2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා – විදුර

colombotoday

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

colombotoday

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

colombotoday

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

colombotoday