Colombo Today Local News

මහවැලි ජලය වයඹට හරවයි.. යල මහ දෙකන්නය අස්වද්දන යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ

වයඹට ජලය ලබාදීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය වන වයඹ ඇළ ව්‍යාපෘතිය අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙමගින් අඩි 105,000ක් පමණ මහවැලි ජල ප‍්‍රමාණයක් වාර්ෂිකව කුරුණෑගල උතුරු ප‍්‍රදේශයට ලබා දීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 16ක් වන අතර 2024දී එහි වැඩ අවසන් කිරීමට නියමිතය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අතිරික්ත ජලයෙන් වයඹ පළාතේ වැව් පෝෂණය කිරීම අරමුණු කොට ගනිමින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමක් ද වේ.

ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

[fbvideo link=”https://www.facebook.com/maithripalas/videos/10154837054631327/” width=”600″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

නව පොලිස්පති වැඩ භාර ගනී

Admin

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday

“කුමන භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි දන්නේ නැ.. අඩු කරන්නෙ මෙහෙමයි කියලා දන්න කෙනෙක් ඉන්නව නම් මාව හම්බුවෙන්න”

colombotoday