කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් අනතුරුව තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඒ මහතා සදහන් කරයි.
තම නිල නිවසේ සේවකයින් කිහිප දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටත් තහවුරු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.