පළාත් සභා මැතිවරණ පනතේ පවතින ගැටලු සඳහා විසඳුම් ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය තීරණය කරන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ, පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා පාර්ලිමේන්තුව හරහා විසඳුම් ලැබිය යුතු බවයි.
මේ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දළ වශයෙන් රුපියල් මිලියන 4000 ක් පමණ වැය වනු ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේය.