Colombo Today Local News

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරේ.

ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අදාළ සංගණන පත්‍රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන්නැයි මැතිවරණ කොමිසම සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වෙයි.

Related posts

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

colombotoday

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් කරනවා – ඇමති බන්දුල කියයි

Admin