Colombo Today Local News

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත්වෙයි

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉවත්වී තිබේ.

මෙම පෙත්සම් අද (28)දින විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

තමා පාස්කු කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ හෙයින් පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව සාමාජික විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් දැනුම්දුනි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ජුනි මස 4 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා තමන්ට කල් අවශ්‍ය බවත් කෙටි විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් දන්වා සිටියාය.

Related posts

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday

ගංඟා වල ජල මට්ටම් ඉහළට

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි

colombotoday

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin