Colombo Today Local News

එජාප සහ ශ්‍රීලනිප දූෂණ වංචා “රටම ගඳ ගස්සනවා” – විපක්ෂ නායක සම්බන්ධන්

මාරුවෙන් මාරුවට රට පාලනය කරමින් දූෂණ වංචා සිදු කර “රටම ගඳ ගස්සන” බවට විපක්ෂ නායකයා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමයේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පිළිබඳ ආරම්භක දින විවාදයට සහභාගිවෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියේ දූෂණය ශ්‍රී ලංකාවේ “ආවේනික අංගයක්” වී ඇති බවයි.

රටේ ප්‍රධාන පක්ෂ දෙකම විරුද්ධ පක්ෂයේ සිටියදී අනිකාට එරෙහිව චෝදනා නැගුවත් බලයට ආ පසු කිසිවකුත් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් දී නැති බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පාර්ලිමේන්තුව හමුවේ පෙන්නා දුන්නේය.

ඔහුගේ බරපතල චෝදනාව වූයේ දූෂිත දේශපාලකයන් රැකීමට දෙපක්ෂයම හවුලේ කටයුතු කරන බවයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දුෂණය සම්බන්ධයෙන් අතිනත ගෙන කටයුතු කරන,” බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ.

පසුගිය රජයේ දුෂණ වංචා ගැන කතා කළත් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවීත් කිසිවකුටත් නඩු පවරා හෝ නැත්තේ හවුලේ කටයුතු කරන නිසාදැයි ඔහු සම්මුතියෙන් පාලනය කරන ආණ්ඩුවෙන් විමසා සිටියේ දැඩි කලකිරීම් සහගත ස්වභාවයෙනි.

“ඔබ ඔවුන් ආරක්ෂා කරනවාද, එහෙම නැත්නම් ප්‍රමාණවත් සාක්ෂි නැද්ද?” යි විමසූ ඔහු ජනතාව මුලා කරන බවට ආණ්ඩුවේ පක්ෂ දෙකටම චෝදනා කළේය.

පසුගිය ආණ්ඩු පාලන සමයේ සිට පක්ෂ දේශපාලනයේ නියැලීම ඇතුළු දූෂණ වංචා වලට සම්බන්ධ වීම නිසා මහ බැංකුව සිය කීර්ති නාමයට හානි පමුණුවාගෙන ඇති බව කී විපක්ෂ නායක ආර් සම්බන්ධන් යෝජනා කොට සිටියේ ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණ කොමිසමක් පත් කොට “වරදකරු කවුරුන් වුවත්” නඩු පවරා දඬුවම් කළ යුතු බවටයි.

Radiogagana

Related posts

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Admin

පරික්ෂාවට පෙර පොතුවිල් මුස්ලිම් පල්ලියකදී ජංගම දුරකථන 20ක් ගිනිතබයි…

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු හතරක් එළියට

Admin

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday