Colombo Today Local News

පෞද්ගලික රක්ෂණ සමාගමක් අහිංසක දරුවන්ට සුරක්ෂා රක්ෂණාවරණය නොගෙවා කෝටි 30 ක පොල්ලක්

අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණාවරණය යටතේ පසුගිය වසරේ (2020) මැයි මස දක්වා වූ මාස හයක කාලයක් සඳහා වන රුපියල් කෝටි තිහක් පමණ වන ප්‍රතිලාභ ගෙවීම් පෞද්ගලික රක්ෂණ සමාගමක් මගින් පැහැර හැර ඇත.

මෙම ප්‍රතිලාභ ඉල්ලීම් ඇතුළත් අයැදුම්පත් හයදහසක් පමණ මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොඩගැසී තිබේ.

2019 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය වසරේ මැයි මස දක්වා වූ මාස හයක කාලයක් සඳහා සුරක්ෂා රක්ෂණාවරණය භාරව කටයුතු කළේ මෙම පෞද්ගලික රක්ෂණ සමාගම වන අතර ප්‍රතිලාභ අයැදුම්පත් හයදහසක් පමණ අමාත්‍යාංශයට ලැබී ඇත්තේ එම කාලයට අදාළව ය. එම අයැදුම්පත්වලට අනුව රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමෙන් පසු ඉදිරිපත් කෙරෙන බිල්පත් සඳහා අමාත්‍යාංශය ගෙවීම් සිදු කරයි. මේ දක්වා එම බිල්පත් අමාත්‍යාංශයට ලැබී නැත.

අමාත්‍යාංශයේ මැදිහත් වීම මත පසුගිය දෙසැම්බර් මාසයේ දී ප්‍රතිලාභ සුළු ප්‍රමාණයක් ගෙවීමට රක්ෂණ සමාගම කටයුතු කළ අතර ඊට අදාළ මුදල් අමාත්‍යාංශය මගින් පියවනු ලැබිණි.

ගොඩගැසී තිබෙන අයැදුම්පත්වලට අදාළව ප්‍රතිලාභීන් දිනපතාම අමාත්‍යාංශය ඇමතීම මෙන් ම අමාත්‍යාංශයට පැමිණ විමසීම් කිරීම ද මේ වන විට බරපතළ ගැටලුවක් වී ඇත. මෙම ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ.

පසුගිය වසරේ මැයි මසට පසු දැන් සුරක්ෂා රක්ෂණාවරණය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය යටතේ ය.

Related posts

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…

colombotoday

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday