World

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

තම දුක් ගැනවිලි සමාජ මාධ්‍යජාලවල පළ කරන හමුදා සොල්දාදුවන්ට දඬුවම් පැමිණවීමට ඉඩ ඇති බව ඉන්දියානු හමුදාපතිවරයා පවසයි.

ජෙනරාල් බිපින් රාවත් ප්‍රකාශ කළේ එම පළකිරීම් මගින් සෙසු හමුදා සාමාජිකයන්ගේ මානසික ශක්තිය බිඳවැටීමක් සිදුවන අතර දුක් ගැනවිලිවලට පිළිතුරුදීම සඳහා හමුදාව සතු වෙනත් ක්‍රමවේදයක් ඇති බවයි.

තමාට උසස් නිලධාරීන්ගේ රෙදි සේදීමටත් සපත්තු පොලිෂ් කිරීමටත් බලු සුරතලුන් ඇවිද්දවීමටත් සිදුවන බවට චෝදනා කරන වීඩියෝවක් හමුදා සොල්දාදුවෙකු විසින් අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක පළ කිරීමෙන් පසුව හමුදාපතිවරයා මෙම ප්‍රකාශය නිකුත්කර ඇත.

හමුදා සෙබළුන් මේ ආකාරයෙන් නොකඩවා අන්තර්ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ තම දුක් ගැනවිලි පළකරන්නේ නම් හමුදා විනය අනතුරට පත්වන බව දැක්වෙන පිළිතුරු වීඩියෝපට නිලධාරීන් විසින් අන්තර්ජාලයට එක්කොට ඇති බව වාර්තාවේ.

(සංදේශය)

Related posts

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin

ඉන්දු-පාකිස්ථාන අළුයට ගිණි ඇවිළෙයි… පාකිස්ථානය හුදකලා කරවන බවට ඉන්දියාවෙන් තර්ජණ

colombotoday

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday

ආයුද සන්නද්ධ යතුරුපැදි කරුවන් නයිජර් රාජ්‍යයේ සිවිල් වැසියන් 137ක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday