World

ආයුද සන්නද්ධ යතුරුපැදි කරුවන් නයිජර් රාජ්‍යයේ සිවිල් වැසියන් 137ක් වෙඩි තබා ඝාතනය කරයි

නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුද සන්නද්ධ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.

මියගිය ජනතාව සිහි කරමින් නයිගර් රාජ්‍ය යේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙය සතියක් තුළ එරටට සිදු වූ දෙවන දරුණුතම ප්‍රහාරය වූ අතර පසුගිය 15 වනදා ද තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 58 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව රටවල් 189ක් අතරින් නයිජර් රාජ්‍ය ලොව දුපත්ම රටයි.

Related posts

ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්‍රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !

colombotoday

ළමුන්ට සහ දෙමාපියන්ට පීඩනය වැඩියි. – පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

colombotoday

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

colombotoday

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday