Colombo Today Local News

“ෆෙඩරල් දෙන්න පොරොන්දු වුණා..! අපේ පිපාසය ඊළමයි“ ජාත්‍යන්තර ඊළාම් ජාලයෙන් නිවේදනයක්

2353325hfgfdදෙමළ ජනතාව සදහා වන දේශපාලන විසදුම “ස්වයංනීර්ණ අයිතිය පදනම් කරගත්“ වැඩපිළිවෙලක් විය යුතු බවත්, දෙමළ ඊළාම් රාජ්‍ය එකම අරමුණ කරගනිමින් තම දේශපාලන ප්‍රතිපත්තිය ඉදිරියටත් මෙහෙයවන බවටත්, ‘ගෝලීය දෙමළ ඊළාම් කවුන්සිලය‘ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වත්මන් නායක ජාත්‍යන්තර ඊළාම් ජාලයේ ප්‍රධානී වී.රුද්‍රකුමාරන් විසින් කොටි මහවිරු දිනය නිමිත්තෙන් “දමිළයන්ගේ පිපාසය දෙමළ ඊළාම් මාතෘභූමියයි“ යන හිසින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය පිළිගන්නා අන්දමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් පාලන ක්‍රමයක් පදනම් කරගත් විසදුමක් ලබා දෙන බවට යහපාලන රජය පොරොන්දු වූ බව ප්‍රකාශ කරමින් දෙමළ ජාතික සන්ධානය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් දෙමළ ජනතාවට පැවසූ බවද එම නිවේදනයේ ඔහු සදහන් කරයි. එම පොරොන්දුවට පටහැනි කිසිදු විසදුමකට දෙමළ ජාතික සන්ධානය එකග නොවිය යුතු යන්නද ඔහු අවධාරණය කර ඇත.

ජාතික ගැටළුවට විසිදුමක් ලෙස නව ව්‍යවස්ථාව මගින් මධ්‍යම රජය සතු බලතල පළාත්සභාවලට ලබා දීමට එකගව ඇතත් එය අවසාන විසදුම යැයි පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවද ගෝලීය දෙමළ ඊළාම් කවුන්සිලය එම නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත.

ගෝලීය දෙමළ සංසදය ඇතුළු දෙමළ ඩයස්පොරා ප්‍රධානීන් ඊළාම් සංකල්පය අතහැර ඒකීය රටක් තුළ බලය බෙදාගැනීමට කැමැත්ත ප්‍රකාශ කළ බව පවසමින් ශ්‍රී ලංකා රජයේ පාර්ශව පසුගිය සමයේ ඔවුන් සමග සාකච්ඡා ගොඩනගාගැනීමට කටයුතු කළ අතර විදේශ අමාත්‍යවරයා ද නිල හා පෞද්ගලික මට්ටමින් දෙමළ ඩයස්පොරා ප්‍රධානීන් සමග අතිශය සමීප සබදතා ගොඩනගාගනිමින් එම සාකච්ඡාවන් ඉදිරියට ගෙන යෑමට කටයුතු කළේය. දෙමළ ඩයස්පොරා සංවිධාන ගණනාවකට මෙරට පනවා තිබූ තහනමද ඉවත් කිරීමට රජය කටයුතු කළේ එහි ඉදිරි පියවරක් ලෙසිනි. එමෙන්ම ඔවුන්ගේ බොහෝ ඉල්ලීම්වලටද රජය නියමින් හා අනියමින් අනුකූලතාවය දැක්වීය.  එහෙත් ඔවුන් කිසිසේත් වෙනම ඊළාම් රාජ්‍ය සංකල්පය අතහැර නොමැති බවටත්, වෙනම රාජ්‍ය දිනාගන්නා උපායමාර්ග පමණක් වෙනස්කර ඇති බවත් ඔවුන්ගේ වත්මන් ස්ථාවරයෙන් පැහැදිළි වේ.

Related posts

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

colombotoday

මන්නාරම් කෝවිලේ දේව ප්‍රතිමා හැදු ක්‍රිස්තියානි ඇමති ජෝන් ජනපති කැදවයි

colombotoday

අගමැති අද ඉවත් නොවන්නේනම් ප්‍රසන්න, රමේෂ්, අලි සබ්‍රි, ගොඩහේවා ඉල්ලා අස්වෙන්න සුදානමින්

colombotoday

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

colombotoday

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday