බත්තරමුල්ල වොට්ස් එර්ච්හිදි ඊයේ(28) පස්වරුවේ සංවිධානය කර තිබූ ආහාර ප්රදර්ශනයක් වෙනුවෙන් ඒ අවට ප්රදේශයේ ප්රදර්ශනය කර තිබූ පාකිස්තානු ජාතික කොඩි වැලිකඩ පොලිසිය විසින් සිදු කල දැන්වීමක් මත අදාල හෝටලය විසින් ඉවත් කරගන තිබේ.
මෙසේ පකිස්තානු කොඩි ප්රදර්ශනය කිරීම පිළිබද අගුළුගල්ලේ ජිනානන්ද හිමි විසින් පොලිසියට කළ පැමිණිලල්ක් මත ජාතික උත්සවයක් නොවන අවස්ථාවක ප්රධර්ශනය කරතිබූ පාකිස්තානු කොඩි ඉවත් කර ගන්නා ලෙස පොලිසිය විසින් අදාල හෝටලය දැනුවත් කර ඇත.
කෙසේ වුවද මෙම සිදුවීම හේතුවෙන් ප්රභල මුස්ලිම් ඇමතිවරයකු පොලීසියට සහ පොලිස් ස්ථානාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින බව වාර්තා වෙන අතර ආණ්ඩුවට සම්බන්ද වෙබ් අඩවි විසින් බෞද්ධ සංවිධාන වෙත මඩ ප්රහාරයක්ද එල්ල කිරීම ආරම්භ කර ඇත.
ඒ සම්බන්ධයෙන් අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් දක්වන අදහස් පහතින්
[fbvideo link=”https://www.facebook.com/venjinananda.thero/videos/1743195889336968/” width=”500″ height=”400″ onlyvideo=”1″]