Colombo Today Local News

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට මෙන්ම අනෙකුත් රටවල් වෙත ඉදිරිපත් කර ඇති සියලු යුද අපරාධ සම්බන්ධ චෝදනා කොන්දේසි විරහිතව ඉවත්කර ගැනීමට ශ්‍රී ලංකා රජයට සහය ලබා දෙන බව දෙමළ ඩයස් පෝරාව සුදානම් වෙයි.

ඒ වෙනුවෙන් ලබා දෙන නීතිඥ සහය මෙන්ම අනෙකුත් මැදිහත් වීම් සමග ශ්‍රී ලංකා රජයේ පාර්ශව කරුවෙකු ලෙස මැදිහත් වී කටයුතු කිරීමට සුදානම් බව දෙමළ ඩයස් පෝරාවේ සාමාජික නිමලන් විශ්වනාදන් මහතා පැවසීය.

මෙහිදී ජිනීවා මානව හිමිකම් කොමිසමට වගේම කැනඩාව,ඇමරිකාව,එංගලන්තය,ස්විස්ලන්ඩ්,ප්‍රංශය වැනි රටවල සිට ක්‍රියාත්මක වන L.T.T.E හිතවාදීන් විසින් සිදුකර ඇති ශ්‍රී ලංකාවට එරෙහිව සියලු චෝදනා පිළිබඳව දෙමළ ඩයස් පෝරාවේ අවධානය යොමු වී තිබේ.

මේ සෑම චෝදනාවක්ම පිටුපස දෙමළ ජාතික සන්ධානය සිටින බවත් එම චෝදනාවන්ට සාර්ථකව මුහුණ දීමට දෙමළ ඩයස් පෝරාව සුදානම් බව විශ්වනාදන් මහතා පවසයි.

2009 වසරේදී හෝ ඊට පෙර හා පසු සිදුවුණා යැයි කියන යුද අපරාධ කිසිවක් දෙමළ ඩයස් පෝරාව පිළිනොගන්නා බවත් එහි නිවරද්‍ය තාවය තහවුරු කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය අසමත් වී ඇති බව ඔහු අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති කෙටි පණිවිඩ මගින් තහවුරු වෙන බව පැහැදිලි වෙන බව ඔහු පැවසිය.

මේ සම්බන්ධව කිහිප අවස්ථාවකදීම විදේශ කටයුතු අමත්‍යංශය මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාව දැනුවත් කර ඇති අතර ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් මේ වනතෙක් නොලැබී ඇති කණගාටු වන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා නිරාකරණය කර නොගතහොත් ඉදිරියේදී GSP + සහනය මෙන්ම යුරෝපා සංගමයේ රටවලට සංචාරක තහනම් හා අපනයන තහනම් ද පැනවීමේ ඉඩකඩ බොහෝවිට ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම ප්‍රශ්නයෙන් නිදහස් වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්චා කිරීමට සුදානම් බව දෙමළ ඩයස් පෝරාවේ සාමාජික නිමලන් විශ්වනාදන් මහතා වැඩිදුරටත් පවසයි.

ඉන්දික ශ්‍රී අරවින්ද

Related posts

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

colombotoday

මනුෂ නානායක්කාර කියන්නේ කුට්ටියට පනින කෙනක්. පවුල් දෙකක් තුනක් නඩත්තු අරන්නත් තියෙනවනේ

colombotoday

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

colombotoday

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday