Colombo Today Local News

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

මෙතෙක් රජයේ වෛද්‍යරුන් වෙත ලබා දුන් සහන මෙවර අයවැයෙන් කප්පාදු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 16ක් විසින් හෙට පෙරවරු 08.00සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

මේ බව සඳහන් කරමින් එම සංගමයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සෞඛ්‍ය සේවාව ගුණාත්මකව පැවතිය යුතු අතර එය සාර්ථක වන්නේ එම ගුණාත්මකභාවය සමානාත්මතාවයෙන් රට පුරා පවත්වා ගෙන යාම තුළිනි. යුද්ධය පැවති අවධියේදි පවා රට පුරා සෞඛ්‍ය දර්ශක හොදින් පැවතීමට ප‍්‍රධාන හේතුව වුයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් මෙරටේ රාජ්‍ය සේවය තුළ රඳවා ගැනීමට හැකිවීම නිසා පමණක් නොව රට පුරා ඔවුන්ගේ සේවය ලබා දිමට හැකීවිමත් නිසාය.

කොළඹට පමණක් සීමා නොවී කිලිනොච්චි, මන්නාරම වැනි දුෂ්කර ප‍්‍රදේශ වලට අවැසි වෛද්‍ය සේවා ලබාදීම සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගත් උත්සාහය දුරබැහැර ප‍්‍රදේශවල රෝගින්ටද විශාල අස්වැසිල්ලකි.

මෙබදු සේවාවන් තවදුරටත් දියුණු කර පවත්වා ගැනීමට අවශ්‍ය යුගයක වෛද්‍යවරුන්ට මෙතෙක් හිමිව තිබු පහසුකම් අයවැයකින් අහෝසි කිරීම අප කිසි ලෙසකින් අපේක්ෂා නොකළෙමු. යුද්ධය දිනවීමෙන් පසු සෞඛ්‍ය සේවා දියුණුව අවශ්‍ය යුගයක වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට තව තවත් පහසුකම් ලබා දෙනු ඇතැයි අප අයවැයට පෙර අපේක්ෂා කළෙමු.

එබැවින් වෛද්‍යවරුන්ට ලබාදුන් කිසිදු පහසුකමක් 2016 අයවැයෙන් අහෝසි නොකරන ලෙස ඉල්ලා සිටිමටත් එසේ නොමැති නම් ඊට විරෝධතාවයක් දැක්වීමට අප සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදි.

ඒ අනුව 2015 දෙසැම්බර් 03 වැනි බ‍්‍රහස්පතින්දා වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයක නියැළීමට අප සංගමය තීරණය කර ඇත.

අයවැය සම්මත වීමට පෙර මේ තත්ත්වය නිරාකරණය කර ගැනීමට අප සෞඛ්‍ය ඇමතිතුමා සමග 2015 දෙසැම්බර් 1 වැනි දින පැවැත්වු සාකච්ඡාවේදි පැහැදිලිව ඉල්ලා සිටියේ අපට හිමි පහසුකම් අහෝසි නොකරන ලෙසයි.

මේ සඳහා සෞඛ්‍ය ඇමතිතුමා දැක්වු යහපත් ප‍්‍රතිචාරය අප අගය කරන අතර අයවැය සම්මත වීමට පෙර එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවේ යෙදෙනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.

දෙසැම්බර් 3 වන දින පවත්වන වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයට එක්වන බව දන්ත වෛද්‍ය සංගමය හා අනෙකුත් සංගම් ගණනාවක් අප වෙත දන්වා ඇත.

වෛද්‍ය නලින්ද හේරත්
ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Related posts

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට කැබිනට් අනුමැතිය – නව පනත මැයි අවසානේ පාර්ලිමේන්තුවට

Admin

ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් – සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ

colombotoday

තවත් ඉන්දීය බිත්තර ලක්ෂ 10 ක් දිවයිනට

Admin

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්, ප්‍රබල ඇමති පිටුපසින්“ පොලිස්පතිට පැමිණිලි

colombotoday

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළුවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය කියයි

colombotoday