Colombo Today Local News

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

අවුරුදු හතරක් වයැසැති දියණියකට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දොරටියාව පොලීසිය පවසයි.

සැකකාර යුවළ කුරුණෑගල අලකොළදෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන්ය.

පහර දීමෙන් දැරියගේ මුහුණට, කොන්ද පෙදෙසට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසට හානි සිදුව ඇත.

දින ගණනාවක්ම දැරිය නිවසේදී පහර කෑමට ලක්ව තිබෙන අතර අසල්වාසීන් ඒ බව පොලීසියට දැන්වීමෙන් අනතුරුව මව සහ බාප්පා අත්අඩංගුවට ගෙන දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර මවට අනියම් සැමියාට දාව මාස අටක් පමණ වයැසැති බිළිඳෙකු සිටින බවද පැවසේ.

Related posts

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

ලංකාවේ සල්ලි කාරයන්ගෙන් 12%ක් රජයේ සහනාධාර ලබනවා

Admin

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හදුනා ගනී

colombotoday

මහීපාල හේරත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

colombotoday