Colombo Today Local News

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

මාස හතරක කාලය තුළ ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-11-1 දින සිට 2024-2-29 දින දක්වා ඉදිරි මාස හතරක කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබිණි.

ඒ සඳහා ලංසු පහක් ඉදිරිපත්ව තිබූ අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත M/s petrochina International(Singapore) වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්

Admin

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday

ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට

Admin