Colombo Today Local News

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු කර කුවේට්හිදී එල්ලා මරණ ලද ශ්‍රී ලාංකිකයෙකුගේ දේහයට අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ (02)දින සිදුකිරීමට පියවර ගෙන තිබුණි.

එම කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරින්දෑවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත්වී තිබේ.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද (03) දිනය දක්වා කල්දැමීමට සිදුව ඇත.

මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 27 වනදා ඔහුව එල්ලා මරණයට පත්කර තිබූ බව වාර්තා විය.

මෙලෙස ඉදිරිපත්වී ඇති කාන්තාවන් තිදෙනාගෙන් එක් තැනැත්තියක් ඕමානයේ රැකියාවේ නියුතු තැනැත්තියකි.

ඇය සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ ඔහු සමග විවාහ වී වසර 17ක් පමණ වන බවය. දරුවන් දෙදෙනෙකුගේ මවක් බවද පවසා තිබේ.

ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

“තාත්තාව කුවේට් රටේදී එල්ලා මරා දමන ලද බවට යූ ටියුබ් මගින් දැනගත් පුතා මට කිව්වා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ බව දැනගෙන මම ලංකාවට ආවා. ඔහුගේ දේහය ගුවන් මගින් කටුනායකට එවා තිබුණා. මගේ ස්වාමියා තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වී සිටි බව පසුව දැනගත්තා. මම මෘතදේහය භාර ගැනීමට කැමති නැහැ. එහෙත් අවසන් කටයුතුවලට සහභාගීවීමට මට අවස්ථාව දෙන්න.”

කෙසේවෙතත් මියගිය අයගේ බිරින්දෑවරුන් කියන අයගේ අනන්‍යතාව තහවරු කර විවාහ සහතිකය සහ දරුවන්ගේ උප්පැන්න සහතික සමග පරීක්ෂා කර අද(2)දින ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

Related posts

එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)

colombotoday

රන්ජන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

කොරෝනා මුස්ලිම් මරණ ආදාහනය කිරීම නැවත සලකා බලමින් ඉන්නවා. | අධිකරණ ඇමැති අලි සබ්‍රි කියයි

colombotoday

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

යුදහමුදා බුද්ධි අංශයේ මගේ පුතා ත්‍රස්තවාදියෙක්ද? රණවිරු මාපියෝ ආණ්ඩුවෙන් අසති

colombotoday