Colombo Today Local News

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

අනුරාධපුර මිහින්තලය ඒ 12 ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්‍රදේශයේදී අද (25)දින දහවල් සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, පුල්යාර හන්දිය, හේනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටිි දොඹවලගේ දෝන සුජීවා පෙරේරා නැමැති 54 හැවිරිදි සිව් දරු මවකි.

පුල්යාර් හන්දිය දෙස සිට මාතලේ හංදිය දෙසට එකම දිසාවට ගමන් කළ පාපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත්, පාපැදිය දකුණු දිශාවට හැර වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් පා පැදියේ ගමන් කළ කාන්තාව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය සඳහන් කරයි.

ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ආදාහනය කළ බිළිඳු සිරුර ගැන පෙත්සම් සළකා බැලීමට විනිසුරු අකමැතියි.

colombotoday

සේවකයකු ලවා ගිනි අවි සැගවීමට හදයි…. මාම් බිස්කට් මුස්ලිම් සමාගමේ හිමිකරු අත්අඩංගුවට….

colombotoday

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin

“13 නොදීම නිසා උතුරේ ජනතාවට අසාධාරණයක් වෙලා.. බලය බෙදීමක් ඕනෑ” – මහින්දානන්ද

colombotoday