World

ජේම්ස් වෙබ් දුටු තරු උපදින වලාව

ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මේ වර්ණවත් ඡායාරූපයෙන් දිස්වන්නේ, අපේ හිරු වැනි තරු උපත ලබන වලාවකි. නාසා විද්‍යාඥයන් මෙම ස්ථානය හඳුන්වා දී ඇත්තේ ‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex යන නමිනි.

පෘථිවියට ආසන්නයෙන්ම ඇති තරු උපදින ස්ථානය මෙය යැයි ද පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලය වැනි තාරකා මණ්ඩල නිර්මාණය වන්නේ මෙවැනි වලාවලිනි.

‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex ඇත්තේ ආලෝක වර්ෂ 400 ක් පමණ ඈතිනි.

Related posts

ඇෆ්ඝනිස්තානයෙන් අවසාන විදෙස් හමුදා කණ්ඩායම් ඉවත්වෙති

colombotoday

නයිජීරියාවේ පිපිරීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියයි

colombotoday

නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඩොලර් මිලියන 2.1ට වෙන්දේසි වෙයි

Admin

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

තායි-කාම්බෝජ දේශසීමා ගැටුම උත්සන්න වෙයි

Admin

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday