World

ඇෆ්ඝනිස්තානයෙන් අවසාන විදෙස් හමුදා කණ්ඩායම් ඉවත්වෙති

ඇෆ්ඝනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේ රඳවා සිටි අවසාන අමෙරිකානු සහ නේටෝ හමුදා භට කණ්ඩායම් එම ස්ථානයෙන් පිටත් වී තිබේ.

වසර 20ක් පුරා අමෙරිකානු සහ නේටෝ හමුදා තලිබාන් සහ අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව සටන්වැදුනේ එම ස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

එමගින් පෙනී යන්නේ එරට තුළ සිටින විදෙස් හමුදා නුදුරේදීම එරටින් ඉවත්වන බවය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ අමෙරිකානු හමුදා සැප්තැම්බර් 11 වනදා වනවිට ඇෆ්ඝනිස්තානයෙන් පිටත්වීම සම්පූර්ණ කෙරෙන බවය.

මේ වනවිට තලිබාන් කණ්ඩායම් ඇෆ්ඝනිස්තානයේ බොහෝ ප්‍රදේශවල බලය තහවුරු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

Related posts

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

colombotoday

සුඩානයේ අගනුවරට බර අවි ප්‍රහාර – යුරෝපා කොමිසමේ තානාපතිටත් ප්‍රහාරයක්

Admin

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

colombotoday

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

colombotoday

ත්‍රස්ත ක්‍රියා සැලසුම් කළ පුද්ගලයෙකුට වසර 12ක් සිරදඬුවම්

colombotoday