Colombo Today Local News

දරුපල ලබන්න දේවාලෙකින් බෙහෙත් ගත් තරුණියක් මරු දකී

දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.

මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත.

ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි. පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ(10)දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ්වනවිටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි.

Related posts

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday

අල්ලස් ගත් නාගරික මන්ත්‍රීවරුන් රෝහල් රථ ගාලේදී මාට්ටු

colombotoday

වැට් බදු පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය 10 ඉරිදා

Admin

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday