Colombo Today Local News

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

මෙම මාසයේ ගත වූ දින 7තුළ ඩෙංගු රෝගීන් 2479 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව වසරේ ගත වූ කාලසීමාව තුළ හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,883 කි.

ඒ අතරින් 22.1% ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ප්‍රතිශතය 21% කි.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ.

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 25 කි.

පවතින වර්ෂාව හමුවේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

Related posts

මාළිගාවත්තේදී වෙඩි වැදී රෝහල්ගතව සිටි අයෙක් මිය යයි

Admin

නිරෝධායන රීති කැඩූ 491ක් අත්අඩංගුවට

colombotoday

පශ්චාත් මැතිවරණ සමය සාමකාමි බව කැෆේ සංවිධානය කියයි

colombotoday

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday

හතරගාතෙන් වැටුණු රුපියලට චීනය පණ දෙයි…

colombotoday