Colombo Today Local News

කලත්තෑව කඳවුරේ අවි ගබඩාව හොරු බිඳියි.. ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අරන් පනී !

යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අයත් අනුරාධපුර කලත්තෑව කඳවුරේ අවි ගබඩාවේ මුද්‍රා කර තිබූ දොරගුළු බිද ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් පැහරගෙන ගොස් ඇති බව එම කදවුරේ උසස් නිලධාරියෙකු අනුරාධපුර පොලීසියට ඊයේ 12 පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කඳවුරේ සෙබළකු විසින්ම එම සොරකම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. දැඩි ආරක්ෂිත කඳවුරක් වන මෙම ස්ථානයට පිටස්තර අයකුට කිසිසේත් ඇතුළුවීම අපහසු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. විශේෂ අවි ගබඩාවේ ආරක්ෂිතව ගබඩා කර ඇති අවි ආයුධ අත්‍යවශ්‍ය කටයුත්තකදී පමණක් භාවිතයට ගන්නා අතර පසුගිය 28දා වැනිදා දිනයේ අවසන් වරට එහි අවි භාවිතයට ගෙන සුරක්ෂිතව ගබඩා කර විශාල අගුලක් දමා මුද්‍රා කර තිබී ඇති බව පැවසේ.

එම කඳවුරේ අණදෙන නිලධාරීවරයාගේ නියෝග මත කිසිදු නිලධාරියකු කිසිදු සෙබළකුට කඳවුරෙන් පිටවීම තහනම් කර ඇති අතර, ගිනි අවි දෙක සොරා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදා විනයාරක්ෂක පොලිසිය (මිලිටරි පොලිසිය) වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

ලොකුම හොරකම සිදුකළ විදේශිකයාට යන්න දීල අගමැති අලුත් හොරු හොයනවා – දිලුම් අමුණුගම

colombotoday

ලංකාව ගොඩ දැම්මා කියා, අගමැතිට රනිල්ට ඕස්ට්‍රේලියාවෙන් ආචාර්ය උපාධියක් !

colombotoday

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළට…

colombotoday