Colombo Today Local News

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි බව කියන යුද හමුදා සෙබළෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබළා යාපනය වාසවිලාන් හමුදා කඳවුරේ රාජකාරි කරන මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකාර සෙබළා හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණ සිටියදී ව්‍යාජ මුදල් නෝට්ටුව සමග පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

මහව මූලස්ථාන පොලීසිය සැකකාර සෙබළා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Related posts

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

VAT නැවතත් උසාවි යයි.. තීන්දුව දෙන තුරු පනත සම්මත කරනු බෑ !

colombotoday

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් නැවට ගෙවන්න ඩොලර් නැහැ

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday