මුහුද යටින් යන කේබල් පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට විදුලිය අපනයන කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ.පුජාරී උපුටා දක්වමින් ඉන්දීය “ද හින්දු“ වේබ් අඩවිය වාර්තා කරයි.
මෙගාවොට් 500ක පමණ විදුලිය ධාරිතාවයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි යයිද පවසා ඇති ඔහු එය ප්‍රමාද වී ඇත්තේ සබදතා මාධ්‍යයක් නොමැති වීම නිසා බවද සදහන් කර ඇත.