Colombo Today Local News

තමුසෙට පුළුවං දෙයක් කරනවා – සාලිගෙන් බුද්ධශාසන ඇමති විජේදාසට අභියෝග Video

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කිසි දිනෙක අරලියගහ මැදුරට නොකැදවූ බවත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමයේ ඥාණසාර හිමි තුන්වරක් ජනාධිපති කාර්යාලයට තුන්වරක් ගෙන ගිය බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

හැකිනම් තමන් අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි ඇමති විජේදාස රාජපක්‍ෂට අභියෝග කල ඔහු “අසාද් සාලිගේ මයිල් ගහක් හොල්ලන්න බෑ කියන එක විජේදාස රාපක්‍ෂට මං කියන්න කැමතියි. පළුවන් නං තමුසෙට පුළුවන් දේ කරනව. මට පුළුවං දේ මං කරල පෙන්වන්නම්” යයි කියා සිටියේය.

කෙසේ වෙතත් අසාද් සාලි මෙලෙස පැවසුවද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේදී කිහිපවරක් ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා නියෝජිතයින් ජනාධිපති මන්දිරයට ගෙන්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන්වා සාකච්චා වට ගණනාවක් සිදු කළා. ඒ සමගම පාර්ලිමේන්තු අනු කමිටු පිහිටුවා සාකච්චා කිරීම සදහා පාර්ලිමේන්තුවටද ඥානසාර හිමි වැඩමවා සාකච්චා කිරීමට එවක රජය කටයුතු කළා.

අසාද් සාලි මීට ඉහතදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩන්ගුවටද පත්විය.

Related posts

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin

ආර්ථික අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Video

colombotoday