Colombo Today Local News

සුඩානයේ කාටොන් නගරයෙන් ලංකිකයින් 13 ක් ඉවත්කර ගනී

සුඩානයේ කාටොන් නගරයේ සිටි ශ්‍රී ලංකිකයින් 13 දෙනෙකු සෞදි රජයේ සහාය ඇතිව ඉවත්කර ගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඔවුන් සෞදියේ ජෙඩා නගරය වෙත රැගෙන ඒමට නියමිතයි.

තවත් ශ්‍රී ලංකිකයින් 12 දෙනෙකු මුදා ගැනීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි දැක්වෙන්නේ තවදුරටත් සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිටතට ගෙන්වා ගැනීමට ඉන්දීය හා සෞදි රජයේ සහාය ඇතිව කටයුතු කරමින් සිටින බවයි.

ආරක්ෂිතව ශ්‍රී ලාංකිකයින් සුඩානයෙන් පිටතට ගැනීම සඳහා, ඊජිප්තුවේ කයිරෝ නුවර තානාපති කාර්යාලය, කාටොන් නුවර කොන්සල් කාරය්ලාය හා සුඩාන බලධාරින් මෙන්ම කාටොන් නගරයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ද සමීපව කටයුතු කරමින් සිටී.

සුඩානයේ වෙසෙන ලාංකිකයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙබ් ලිපිනයෙන් හා දුරකතනයෙන් + 20 1272813000 හා සම්බන්ධ විය හැකියි.

කාටොන් කොන්සල් ජෙනරල් කාර්යාලයේ දුරකතන අංකය – +24 9912394035

Related posts

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday

මැයි 28 මහ මැතිවරණය පැවැත්වීමට එකඟ නොවන බව රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday