Colombo Today Local News

පියා ගෙල වැලලාගෙන. මවගේ සහ දරු දෙදෙනාගේත් මළ සිරුරු නිවසේදී හමුවෙයි.

වවුනියාව ගුඞ්සෙඞ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මව, පියා දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් හමු වී තිබේ.

වයස අවුරු 42 පමණ පියා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි ඇති අතර වයස 36ක් පමණ වන මවගේ සහ 09 හැවරිදි සහ 03 හැවිරිදි දියණියන් දෙදෙනාගේ සිරුරු නිවසේ තිබියදී සොයාගෙන ඇත.

මිය ගිය පියා ඔන්ලයින් හරහා විසා අයදුම් කිරීමේ ව්‍යාපාරයක් සිදු කොට ඇති අතර මව ගුරුවරියක වශයෙන් සේවය කරමින් සිට ඇති බවට තොරතරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

අදාල මරණ වලට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර පියා සියදිවි හානි කරගෙන ඇති බව මුලික විමර්ෂණවලදී අනාවරණය වන බව වවුනියාව පොලීසිය සදහන් කරයි වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday

නිකවැරටියේ නීති විරෝධී ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි…

colombotoday

“වාහේ වෙයන් නුවරට ගොස් මවට තගේ“ ප්‍රහාරය දරුණුයි.. මයික් ඔෆ් කරන්නැයි ෆොන්සේකා කෑ ගසයි

colombotoday

පාස්වර්ඩ් අමතකයි කි ඇලෝසියස්ගේ දුරකථනයේ ගිණුමට බිරිද කරන්න ගිය දේ මාට්ටුයි !

colombotoday

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

colombotoday