Colombo Today Local News

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිටින වාර්තාකරු පැවසුවේ දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගන්නා බවත් එහි ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

මේ අතර දුම්රිය සේවය අඛණ්ඩ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (14) රාත්‍රී නිවේදනය කළේය.

කාර්යාලීය දුම්රිය 13ක් අද උදෑසන ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වුණි.

අවිසාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අළුත්ගම සහ දකු ණු කළුතර සිට කොළඹ දක්වා එම දුම්රිය ධාවනය කෙරෙන බව සඳහන් විය.

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (15) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති බදු සංශෝධනයට සහ අනෙකුත් පීඩාකාරී තීරණවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

සෞඛ්‍ය, වරාය, විදුලිබල, බැංකු, ජලසම්පාදන, තැපැල් සහ අධ්‍යාපන ඇතුළු කේෂ්ත්‍ර රැසක වෘත්තීය සමිති මෙම වර්ජනයේ නිරත වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අද පෙරවරු 8.00 සිට සෑම රජයේ රෝහලකම වෛද්‍යවරු වර්ජනයේ නිරතවන බවය.

කෙසේ වෙතත් මෙම වර්ජනයට තම සහාය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේ තම වෘත්තීය සමිතියද අද පැවැත්වෙන වර්ජනයට සහාය ලබාදෙන බවය.

ලංකා ගුරු සංගමයද අද වර්ජනය සඳහා එක්වන බව එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

අද දියත්කර ඇති වර්ජනයට ඛනිජ තෙල් සේවකයින් සහාය නොදක්වන බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් මහතා පවසයි.

දුම්රිය රියදුරන්ගේ සංගමයද වර්ජනයට සහාය දක්වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති කේ. යු. කොන්තසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ තම සංගමය වර්ජනයට සහය නොදෙන බවය.

Related posts

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

පානීය ජල බෝතලෙත් සැගවුණු මාරයෙක්, වර්ග 37ක් ප්‍රමිතියෙන් තොරයි.

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

colombotoday

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday