Colombo Today Local News

ජාජබ විරෝධයේදී පොලිස් මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

ජාතික ජනබලවේගය විසින් ඊයේ (26)දින කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද(27) පෙරවරුවේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.

මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කරනු ලැබූ අතර මද වේලාවක දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරිණි.

මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

Related posts

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

රිෂාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දුන් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන

colombotoday

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin