ලෝක ජනාවාස දිනය නිමින්තෙන් පෙරේදා පොළොන්නරුවේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ නෙළුම් පොකුණ රගහල ආරම්භ කිරීමට හිටපු ජනධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් 2004 මුල් ගල තැබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතා ජනපති වූ පසුව එම මුල්ගල බුල්ඩොසර් කරල ගලවා දමා, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කළ බවයි.
එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.