Colombo Today Local News

මද්‍රසා පාසලක ගෙල වැලලාගෙන සිටි දරුවා එල්ලිලා මැරුණාද ? මරලා එල්ලුවාද ?

ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන පිරිමි දරුවෙකුගේ සිරුරක් සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රසා පාසලක තිබී සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. එස්. මුෂාබ් නමැති 13 හැවිරිදි සිසුවෙකි.

ප්‍රදේශවාසීන් එම දරුවාගේ මරණය සැක සහිත බව පවසමින් ඊයේ (05) රාත්‍රියේ අදාළ මද්‍රසා පාසල වැටලා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ සයින්දමරුදු පොලීසිය අදාළ මද්‍රසා පාසලේ පාලකවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මරණය හේතුවෙන් ජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බව පොලීසිය සඳහන් කරයි.

Related posts

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

පරණ හිතවත්කම් අළුත් කරමින් ගෝඨාභය දුමින්දගේ නිවසට !

colombotoday

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday