Colombo Today Local News

පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පාලු නිවසකින් හමු වෙයි

ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසක තිබී පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බව පොලීසිය පවසන අතර මීට පෙර අවස්ථාවකදී නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ඔවුන් දෙදෙනා සොයාගෙන ඇති අතර අධිකරණයෙන් අදාළ බාලයවයස්කාර පාසල් දැරිය ඇයගේ මවගේ භාරයට පත්කර තිබේ.

අනතුරුව පසුගිය දිනක නැවත ඔවුන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති අතර එහිදී තරුණයාගේ ගම් ප්‍රදේශය වන ආඳාවල පාලු නිවසක ඔවුන් රැඳී සිට ඇත.

ඔවුන් පිළිබඳව පාසල් සිසුවියගේ නිවසට ලැබුණු ආරංචියක් මත සොයාබැලීමට ගොස් ඇති අතර එම අවස්ථාව වනවිට ඔවුන් දෙදෙනා ගෙළවැලලාගෙන මියගොස් සිටියදී හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇති පාසල් සිසුවිය 14 හැවිරිදි වියේ පසුවන අතර තරුණයා 17 හැවිරිදි වියේ පසුවෙයි.

පාසල් සිසුවිය ගලේවෙල අඹන්පොළ පදිංචිකාරියකි.

ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තාද එසේත් නොමැති නම් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

මරා දැමුවයි කී එක්නැලිගොඩ ජීවතුන් අතර! ව්‍යාජ ගමන් බලපත්‍රයකින් යුරෝපයට පලා ගිය බවට තොරතුරු

colombotoday

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

බුර්කාව තහනමට ආරක්ෂක මණ්ඩලයට ගෙනා යෝජනාව ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරයි !

colombotoday

ශිවාජිලිංගම්ගේ මහවිරු සැමරුම නිසා කෝපායි හමුදා කදවුර අසල ආරක්ෂාව තර කරයි

colombotoday