Colombo Today Local News

පුංචි ජන්දෙට අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි නොවෙයි.

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කරන්නේ, පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය.

මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මෙම අදහස් පළකළේය.

“මේ සාකච්ඡාවේදී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේදී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය වෙනවා. අපිට මේ මොහොතේ අවශ්‍ය රුපියල් ටික නැහැ මීට වඩා තෙල් මිලදීගැනීම සඳහා. ඒ හින්දා අපි ඉතාමත් පැහැදිළිවම ඒ ගැන දැනුවත්කළා.”

ප්‍රශ්නය – අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමේ සූදානමක් තියෙනවාද ?

“එහෙම ඉල්ලීම් තියෙනවා නමුත් ඒ ගැන අපි තීරණයක් අරගෙන නැහැ. ශ්‍රී ලංකාවේ තෙල් ඉල්ලීම 40%කින් විතර පහළ බැහැලා තියෙනවා. ඒ ඉල්ලීමට සරිලන මුදල් තමයි අපි සපයා ගන්නේ. නැවත මේක වැඩිකරනවානම් රුපියල් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගික ප්‍රශ්න ටික තේරුම් ගනියි කියලා.”

Related posts

ලොකුගේ ගේ නිවසත් වටලයි

colombotoday

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

colombotoday

නිකාබය සහ බුර්කාව ඉල්ලා තබ්ලික් ජමාත් කල්ලිය බලහත්කාරයෙන් අල්ලා ගත් දෙහිවල පල්ලියකට රැස් වෙති.

colombotoday

තිලංග සුමතිපාල ඉල්ලා අස්වේ… අස්වීමේ ලිපිය ජනපතිට යවයි…

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday