Colombo Today Local News

හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

හොරු අල්ලන පනත් ගෙනෙන විට ඒවා ගෙනෙන්නට එපා යැයි කියන්නේ හොරු ආරක්ෂා කරනවා යැයි තමාට චෝදනා කරන පිරිසම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට එය මේ මැතිවරණයට බලපාන්නේ නැති විදිහට එය ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කර තිබූ බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-

එකම විෂය ගැන කෙටුම්පත් දෙකක් ඇවිල්ල තියෙන්නේ. එය විසඳා ගෙන මේ සතියෙම පුළුවන් නම් එය සම්මත කර ගනිමු. ඒක ප්‍රශ්නයක් නැහැ. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත එදාට ඉදිරිපත් කරනවා. මේ මැතිවරණයට බලපාන්නේ නැති විදිහට එය ඉදිරිපත් කරන්නැයි මෙහි ඉල්ලීමක් කර තිබුණා.

මට කෑ ගහන්නෙ මම හොරු ආරක්ෂා කරනවා කියලා.හොරු අල්ලන්න පනත් ගෙනාවාම ඒකත් කරන්න එපා කියනවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

“මේ ඔක්කොම නිවට ජනපති නිසයි… ගහන්න ඕන හොම්බට” – මර්වින්ගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

colombotoday

අවුල තව දුර යයි.. සයිටම් පවරා නොගත්තොත් රට පුරා වර්ජන රැල්ලක්

colombotoday