Colombo Today Local News

අකුණු සැර වැදී එකම පවුලේ සොහොයුරන් තිදෙනෙක් රෝහලට

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී නිවසකට අකුණුසැර වැදීමක් හේතුවෙන් නිවසේ සිටි එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

අදාල නිවසේ මව හා පියා නොමැති අවස්ථාවක මෙම අනතුර සිදුව තිබේ.

අකුණුසැර වැදීමෙන් නිවසේ තිබූ විදුලිඋපකරණවලටද හානි සිදුව ඇත.

අකුණුසැර වැදී අනතුරට ලක් වීමෙන් පසුව මෙම සොයුරන් තිදෙනා කෑගැසීමෙන් අසල්වැසියන් විසින් එම අවස්ථාවේදීම පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ගොස් ඇත.

මෙලෙස අකුණුසැර වැදීමෙන් රෝහල්ගත කොට ඇත්තේ පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26,19 සහ 16 යන සොහොයුරන් තිදෙනෙකි.

Related posts

ඉල්ලන ඕනම විදිහකට පොහොර සහනාධාරය දෙන්න සූදානම් – කෘෂිකර්ම ඇමති

colombotoday

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 24 ක අගරු චෙක්පත්

colombotoday

කච්චතිව් ඉන්දියාවට?

Admin

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

colombotoday