Colombo Today Local News

වෛද්‍යවරයකු අභිරහස් ලෙස මිය යයි

අම්පාර මහා රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයකු ඔහු නැවති සිටි පෞද්ගලික නේවාසිකාගාරයේ ඇඳ මත මියගොස් සිටියදි හමුවි තිබේ.

මෙම වෛද්‍යවරයා නියමිත පරිදි ඔහු සේවය කරන වාට්ටවුට නොපැනිම හේතුවෙන් වාට්ටුවේ සිටි අය ඔහුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් රුගෙන තිබේ.

එයට ප්‍රතිචාර නොමැති නිසා හෙද නිළධාරිනියක් විසින් රෝහල් සේවකයෙකු ඔහු නැවති සිටි පොද්ගලික නිවසට යවා තිබේ. ඔහු එම නිවසට ගොස් කතාකලත් වෛද්‍යවරයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීමෙන් නැවත රෝහලට පැමිණ පොලිසියට දන්වා නිවසේ අයිතිකරුටද දන්වා නැවත නිවසට ගොස් ජනේලය හැර පරීක්ෂා කරන විට වෛද්‍යවරයා ඇද මත නිදාගෙන සිටිනු දැක ගැනීමට හැකිව තිබේ.

මෙම පිරිස වෛද්‍යවරයාට කතා කලත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා පසුව ඉදිරිපස දොර හැර අම්පාර මහා රෝහලේ ගිලන් රථයකින් රෝහල වෙත ගෙන ගොස් තිබේ.

රෝහල වෙත ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවට වාර්තා වේ.

Related posts

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

colombotoday

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin