Colombo Today Local News

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද(15) පෙරවරුවේ ඇතිවිය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපති වරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

Related posts

ඇගමැතිකමට මාත් ඉල්ලනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි…

colombotoday

මෛත්‍රීගේ මී ළඟ තුරුන්පුව, සජිත් අගමැති කර රනිල්, මලික්, කබීර්, රවී අත්අඩංගුවට ගැනීමද?

colombotoday

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

colombotoday

දැනට අළෙවි කෙරෙන ඉන්ධන ලීටරයක මිල 200 කින් අඩුකරන්න පුළුවන්

colombotoday