Colombo Today Local News

ව්‍යාජ පැමිණිලි පිටපත් දුන් පීසී සහ සිවිල් ආරක්ෂක කතට වැඩවරදී

මීගමුව පොලිසියට වාර්තා නොවූ පැමිණිල්ලක් වාර්තා වූ පැමිණිල්ලක් බවට සටහන් කර කූඨ ලේඛන සකස් කර කාන්තාවකට පැමිණිලි පිටපත් 4ක් නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට සහ, සිවිල් ආරක්ෂක භට කාන්තාවකට එරෙහිව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මීගමුව මුලස්ථාන පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මීගමුව මුන්නක්කරය ප්‍රදේශීය පදිංචි කාන්තාවකට මොවුන් මෙම ව්‍යාජ පැමිණිල්ල සටහන් කර පිටපත් ලබා දී ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

පොලිසියේ පැමිණිලි සටහන් පොත් පරික්ෂා කිරීමේදී මෙම වංචාව හෙළිව තිබේ.

Related posts

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති විරෝධතාවක…

Admin

ගුරු – විදුහල්පති ගැටලුවට අද සයිබර් විරෝධතාවක් – ඇමති අනු කමිටුවේ හමුව අවලංගුයි

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin

මෛත්‍රී – මහින්ද සාකච්ඡා ඇරඹෙයි.. අගමැතිකම ශ්‍රීලනිපයට.. කැබිනට් සංශෝධනයක් ??

colombotoday