Colombo Today Local News

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

වර්ෂාවත් සමග මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.

මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

එම කටයුතු ලබන මස පළමු වැනි දායින් අවසන් කිරීමට නියමිත බව නිලන්ත ධනපාල මහතා පැවසීය.

නියමිත කාලසටහන් අනුව වගාව ආරම්භ කරන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටි.

Related posts

බාල වයස්කාර සිසුවකුට ලිංගික අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ් – මාතලේ නිවසක රහසිගතව සඟවාගෙන ඉඳලා

colombotoday

නානුඔය රිය අනතුරින් එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරුට

Admin

පාර්ලිමේන්තුව වට කර බස්රථ නවතා විරෝධතාවකට සැරසෙයි

colombotoday

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

colombotoday

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday