Colombo Today Local News

කාසල් රෝහලේ සය නිවුන් නළ දරු උපතක් – දරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වෙයි.

එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා සඳහන් කරන්නේ, බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර බිලිඳුන් සියලුදෙනාටම කෘතිම ස්වසනය ලබාදෙන බව ද පැවසු වෛද්‍ය සමන් කුමාර මහතා වැඩිදුරටත් කියාසිටින්නේ, ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක් බවයි.

“අපිට උපකරණවල හෝ ඖෂධවල අඩුපාඩුවක් නොමැතිව අපට මේ කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලොකු අභියෝගයක්. මෙම දරුවන් හයදෙනා ලැබුණේ සති 26කින්… ඒ වගේම දරුවන් බර ග්‍රෑම් 400 – 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ කටයුතු යුහුසුළුව කරගෙන යනවා.

මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා. ඒ තමා නළ උපත් සිදුකරනකොට නියාමනයක් තියෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කලල කිහිපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. අපේ රටේ මේ නියාමනය සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්භාවය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොකද මේ දරුවන් හයදෙනාගේම ජීවිත මේ වනවිට අවදානම් මට්ටමේ තියෙන්නේ.”

Related posts

මහසගරුවණට අපේ ඇමතිලා අපහාස උපහාස කළා… පරාජයට එය තදින්ම බලපෑවා !

colombotoday

විපක්ෂයට යන්න ලෑස්ති වෙලා තමයි පක්ෂව අත ඉස්සුවේ.. මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා – ඇමති චන්දිම

colombotoday

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

විධායක ජනපති ධුරය අහෝසි කිරීම – සහය ඕනනම් මහින්දගෙන් අනුරට කොන්දේසියක්

colombotoday