Colombo Today Local News

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි

ඒ අනුව, අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

වනාතවිල්ලුවේ මියගිය පක්ෂීන්ට කුරුළු උණ වැලදී නෑ..

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවේ සිට තැබූ ෆේස්බුක් සටහන මෙන්න

colombotoday

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

උතුරේ දරුවන්ට පෙන්වීමට ‘කොටි කෞතුකාගාරයක්‘ හැදීමට යෝජනා වෙයි

colombotoday

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

හිටපු කොටින්ගේ ප්‍රහාරක සැලසුමක්.. ත්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරයි !!

colombotoday