Colombo Today Local News

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරි සිද්ධියෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

මෙලෙස හඳුනාගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව මහර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි වත්තල සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුගේ මළසිරුරු ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, “මෙම මෘත ශරීර 11න් 2ක් මේ වනවිට හඳුනගෙන තියෙනවා. මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ජාඇළ සහ කිරිබත්ගොඩ පොලීසි මගින් රිමාන්ඩ් භාරයට පත්කර සිටි අය. එම මෘත ශරීර හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. මේ සියලු මෘත ශරීරවල ඇඟිලි සළකුණු ලබා ගැනීමක් සිදුකර තිබෙනවා. ඊට හේතුව හඳුනාගැනීම සම්බන්ධව නිශ්චිතම තොරතුරු ලබා ගැනීම. අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම මෘත ශරීරවල DNA පරීක්ෂණ සිදුකිරීම සඳහා සාම්පල ලබා ගැනීමටත් නියමිතයි. හඳුනා ගැනීම නිසැකවම තහවුරු කිරීම සඳහායි එම කටයුතු සිදු කරන්නෙ, ” යනුවෙනි.

Related posts

නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

Admin

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday