Colombo Today Local News

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත දෛනිකව මෙතෙක් පැමිණි එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයද ඊයේ (08) සිට මත්තල ගුවන්තොටුපොළ පොළ වෙත පැමිණීම නවතා තිබේ .

අදාළ ගුවන්සමාගමෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට රජයෙන් ලබාදුන් අනුමැතිය යටතේ ෆ්ලයි ඩුබායි ගුවන්යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීම නවාතා ඇතිබව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසා සිටියි .

කටුනායක ගුවන්තොටුපොළට පමණක් පැමිණීම සිදුවෙමින් තිබු මෙම ෆ්ලයි ඩුබායි ගුවන්යානය 2013 වර්ෂයේ මත්තල ගුවන්තොටුපල ආරම්බයේ සිට ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙතෙක් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා දෙකක් ද මත්තලට දෛනිකව පැමිණි අතර 2015 වර්ෂයේ වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන්යානා පැමිණීම නතර කල අතර සතියේ සැම දිනකම පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් යනය සතියකට ගමන් වාර හතරක් දක්වා සිමා කරන ලදී .

ඒ අනුව ආරම්බයේ සිට පසු ගිය 07 වනදා වනතෙක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන්යානය මත්තල ගුවන්තොටුපොළ වෙත ගුවන් වාර 1150 කට අදික ප්‍රමානයක් පැමිණ ඇති අතර ඒ නිසා දෛනිකව එම ගුවන් යානයෙන් පමණක් මත්තල ගුවන්තොටුපොලවෙත රුපියල් ලක්ෂයක පමණ ආදායමක් ලැබී තිබේ .

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පසුගිය වසර පහ පුරාවට මගින් එක්ලක්ෂ හැත්තෑ එක්දාහකට අධික ප්‍රමාණයක් සදහා පහසුකම් සපයා තිබෙන අතර එමෙන්ම ගුවන් ගමන් වාර 8700 කට අදික ප්‍රමාණයක් මෙහෙයවා තිබේ .

එමන්ම මත්තල ගුවන් තොටුපොල විකල්ප ගුවන් තොටුපොළක් ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සහයෝගයක් විදියට පසුගිය කාලය තුල කටයුතු කිරීමට හැකිවී තිබේ .

ඒ අතර හදිසි ගුවන්යානා ගොඩබැස්සවීම් එමෙන්ම ගුවන් යානා සදහා ඉන්දන ලබාගැනීමට ද එමෙන්ම ගුවන් යානා වල කාර්යමණ්ඩල විවේකය සදහා විශාල ගුවන්යානා ප්‍රමානයක් ද මෙම ගුවන්තොටුපොළ පසුගිය වසර පහ තුළ භාවිතා කර තිබේ .

adaderana

Related posts

බොදු බලේ ගැන පත්තරේ කොමිෂන් සභා නිර්දේශ ගැන කියන කතා ඇත්තද? | පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපතක් බොදු බලය ඉල්ලයි.

colombotoday

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

colombotoday

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

Online පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday