Colombo Today Local News

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, එම බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවයි.

ඒ අනුව එම බිත්තර අද (28)දිනයේ සිට සතොස වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවත් සභාපතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, උත්සව සමයේ පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහෝ වෙළෙඳසැල්වල බිත්තර තොග අවසන් වී ඇති අතර දිනකට බිත්තර මිලියනය බැගින් දිවයිනට ආනයනය කරන බවයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලති

colombotoday

හිස්බුල්ලාගේ ජිහාඩ් කණ්ඩායම මෙතෙක් අවි භාරදී නැහැ | පාස්කු කොමිසමේදී හෙළිවෙයි

colombotoday

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

colombotoday

බස්නාහිර බලය දෙදරයි.. මහින්දවාදීන් ස්වාධීන වීමට යයි !

colombotoday

මේ සතිය ඇතුළත අලුතෙන් රැකියා විසිදාහක් – අගමැති කුලියාපිටියේදී කියයි

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin