Colombo Today Local News

බදු නොගෙවූ අරක්කු සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්න නියෝග

හිඟ සුරා බදු වාරික පසුගිය 4 වැනිදාට පෙර නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන්නැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එසේම එකතු කළ හැකි රුපියල් කෝටි 17,300ක බදු මුදල් අය කරගැනීමටත් තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලෙස ලාභ උපයාගත් පාර්ශවවලින් නියමිත බදු අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එම කමිටුව නිර්දේශ කර ඇත.

මේ අතර කෝටි දහයක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතත් මේ දක්වාම එය ලබා නොදීම පිළිබඳව කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

Related posts

“අපි ගම්මන්පිලගේ රෙදි ගලවනවා… ඥාණසාර හිමි ආරක්ෂා කරන්නේ ඔහුයි“ – ජා.හෙ.උ.

colombotoday

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

colombotoday

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin