Colombo Today Local News

“විග්නේෂ්වරන් වැරදි නෑ.. පිරිසක් ඔහුව වැරදියට වටහාගෙන සංහිදියාව නැති කරනවා” – ඇමති වජිර

vajira-abhewardanaඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ වැරදියට වටහාගෙන ඇතැම් පිරිසක් ජාතීන් අතර සංහිඳියාවට බාධා ඇති කිරීමට ක්‍රියාකරමින් සිටින බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන පවසයි.

ඊයේ (29) කොළඹදී පැවති සමුළුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. මහ ඇමැතිගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා.“ යැයි කී අබේවර්ධන මහතා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි සිතන බවද එහිදී පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් තුල සිංහල ජනතාව පදිංචි කිරීම නැවැත්වීම, බුදු පිළිම ඉදි කිරීම නැවැත්වීම, හමුදා කදවුරු ඉවත් කිරීම, දෙමළ නිජබිම පිළිගෙන, ස්වයංපාලනයක් ලබා ගැනීම ඇතුළු ජාතිවාදී, බෙදුම්වාදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සී.වී. විග්නේෂ්වරන් මහඇමතිවරයා විසින් “එලුග තමිල්“ නමින් විරෝධතා රැළියක් පසුගිය 24 වනදා යාපනයේදී පැවැත්වීය.

එම විරෝධතාවයේදී එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින්

Related posts

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Admin

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday