Colombo Today Local News

බිත්තරයක් 1000ට යනවා

ඉදිරි මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජය ගතහොත් බිත්තරයක් රුපියල් දහසක් වැනි මුදලකට ඉහල නගිනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ අලියා සලකුණින් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපෙක්ෂකයන් තිදෙනාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

මහ මැතිවරණයේ පළපුරුදු සහ ජනතාව හදුනන අපෙක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගයේ පමණක් බවත්, නොහදුනන අපෙක්ෂකයන් සිටින්නේ ජාතික ජන බලවේගයේ බවත් ඒ මහතා පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නොදන්නා අයට රටේ බලය ලබාදෙනවාට වඩා පළපුරුද්දක් ඇති අයට ජන්දය ලබාදි තොරාපත් කර ගැනිමෙන් රටට සෙතක් සිදුවන බවයි.

මෙම රැස්විමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, මහලේකම් සහ අපෙක්ෂක ජිවන් තොණ්ඩමන්, භාණ්ඩාගාරික සහ අපෙක්ෂක මරුදපාණ්ඩි රමේෂ්වරන්, ජෙෂ්ඨ උප සභාපති පි.සත්‍යවේල් යන මහතුන්ද සහභාගි විය.

Related posts

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

කෝටියකට ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් STF දැලේ

colombotoday

මේ අමන තීන්දු ගන්නේ එජාපයට පක්ෂය උකස් කරන්නයි.. මේ ශ්‍රීලනිපයේ අදුරුම යුගයයි

colombotoday

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin