කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් අද (11)දින වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 218,366ක් දක්වා වැඩි වී තිබේ.
එමෙන්ම අද දිනයේ ආසාදිතව සිටි පුද්ගලයින් 1,852ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 184,090ක් විය.